01

E   |     |  

 දිනය: 2013-07-23   පිළිතුර ලබා දී ඇත 

3646/2013: ලංකා බැංකුව: කොටස් හුවමාරුවෙහි ආයෝජනය

3646/’13

 

ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2011 වර්ෂය තුළ ලංකා බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස්වල ආයෝජනය කරන ලද සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද;

(ii) 2011 වර්ෂය තුළදී ලංකා බැංකුව විසින් “පර්පෙචුවල් කැපිටල් ” (Perpetual Capital) සහ “සී/ස ලංකා ඔරික්ස් ලීසිං සිකියුරිටීස්” (Lanka Orix Leasing Securities Ltd.) යන සමාගම් සමග සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවල වටිනාකම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) 2011 වර්ෂය තුළ ලංකා බැංකුව විසින් මිලදී ගන්නා ලද සියලුම කොටස්වල ලැයිස්තුවක්, ඒවා ගත් මිල සහ මිලදී ගැනීම සිදු කළ දිනවලට ආසන්න පූර්ව දින පහ තුළ සාමාන්‍ය බර තැබූ මිල ද ඇතුළත්ව එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-23

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2011 වස‍රේදී බැංකුව විසින් කොටස් මිල දී ගැනීම සඳහා ආයෝජනය කරන ලද සම්පූර්ණ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 6002.9කි. (ගාස්තු සහ තැරැව් කොමිස් ඇතුළුව)

              (ii)      *      බැංකුව විසින් සී/ස පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමඟ කිසිදු ගනුදෙනුවක් සිදු කොට නොමැත.

* බැංකුව 2011 වසරේදී එල්.ඕ.එල්.සී. සිකියුරිටීස් සමාගම වෙත රුපියල් 96,064ක මුදලක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා තැරැව් ගාස්තු ලෙස ගෙවා ඇත.

(ආ)  බැංකුව විසින් 2011 වසරේදී මිල දී ගන්නා ලද සියලුම කොටස් ගත් මිල සහ මිලදී ගැනීමට පෙර දින 5ක තබන ලද සාමාන්‍ය කොටස්  මිල ඇතුළත් ඇමුණුම සභාගත* කරමි.

(ඇ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-09-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks