01

E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

3621/2013: මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනය : ප්‍රතිසංස්කරණය

3621/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් වන මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ අවසන් වරට ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක් පැවැත් වූ වර්ෂය හා දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)       ඉහත සඳහන්  ක්‍රීඩාංගණය ගරා වැටීමේ තත්ත්වයට පත්වීමට හේතු කවරේද;

(ii) එහි  පාලනය භාර වී ඇති පාර්ශ්වය කවරේද;

(iii) එහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබේද;

(iv) එසේ නම්, එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන ආයතනය හෝ පාර්ශවය කවරේද;

(v) ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       1993 දෙසැම්බර් 08 - 13 දක්වා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරගය මෙම ක්‍රීඩාංගනයේ පවත්වන ලද අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය වේ.

(ආ)         (i)      ක්‍රීඩාංගනයේ එවැනි තත්ත්වයක් නොපවතින අතර, දැනටමත් මෙම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරග පවත්වනු ලබයි. මෙම ක්‍රීඩා පිටිය 2013 වසරේ SLPL තරග සඳහා ද නිර්දේශිතව තිබූ ක්‍රීඩා පිටියකි.

(ii) මොරටුව මහ නගර සභාව විසින් මෙම ක්‍රීඩා පිටිය පාලනය කරනු ලබයි.

(iii) ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

(iv) මොරටුව මහ නගර සභාව මඟින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන අතර, ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්බන්ධ වීමට සැලසුම් කොට ඇත.

(v) වියදම් ඇස්තමේන්තු සකස් කිරීම මොරටුව මහ නගර සභාව විසින් සිදු කරනු ලබයි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks