01

E   |     |  

 දිනය: 2014-05-21   පිළිතුර ලබා දී ඇත 

3620/2014: පිලිප් ගුණවර්ධන අනුස්මරණ ක්‍රීඩා පිටිය : විස්තර

3620/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ, සීතාවකපුර නගර සභා බල ප්‍රදේශය තුළ ඉදිකරගෙන යනු ලබන පිලිප් ගුණවර්ධන අනුස්මරණ ක්‍රීඩා පිටිය පිළිබඳව එතුමා දන්නෙහිද?

(ආ)     එසේ නම්,

              (i)       එම ක්‍රීඩාපිටිය ඉදිකිරීම ආරම්භ කළ වර්ෂය කවරේද;

(ii) ඒ වෙනුවෙන් ඇස්තමේන්තුගත වියදම කොපමණද;

(iii) එහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-21

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     ඔව්.

(ආ)         (i)      2008  වර්ෂය.

               (ii)      2008 වර්ෂය -ඇස්තමේන්තුගත වියදම  රුපියල්  මිලියන 27‍

                          2011 වර්ෂය  - ඇස්තමේන්තුගත වියදම  රුපියල්  මිලියන 10

                         2014  වර්ෂය -  ඇස්තමේන්තුගත වියදම  රුපියල්  මිලියන  8.5යි. 

             (iii)      2014.09.21 දින වන විට වැඩ  අවසන්  කිරීමට නිමිතය.

(ඇ) පැන නොනඟී   

පිළිතුරු දුන් දිනය

2014-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks