පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3594/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;
(ii) 2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩකර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම අනවසර ගොඩ කිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;
(iv) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(v) එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;
(vi) ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;
(ii) එසේ නම්, ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත. ජනතාව එවැනි චෝදනාවක් මෑත කාලය තුළ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කිසිසේත්ම සිදු කර නොමැත. 2009 වර්ෂයෙන් පසු කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.
(ii) අක්කර 5, රූඩ් 2, පර්චස් 30
(iii) ඔව්.
(iv) පැමිණිලි 07යි.
|
අංකය |
පැමිණිලි ලැබූ වර්ෂය |
පැමිණිලි ගණන |
|
01 |
2005 |
02 |
|
02 |
2006 |
- |
|
03 |
2007 |
04 |
|
04 |
2008 |
- |
|
05 |
2009 |
01 |
|
|
එකතුව |
07 |
(v) ඔව්.
(vi) ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා පැමිණිලි 03ක් සඳහා පස් ඉවත් කර යථාවත් කර ඇති අතර, පැමිණිලි 02ක් සඳහා කණු ඉවත් කර යථාවත් කර ඇත.
පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) පර්චස් 10යි.
(iii) නිවසක් තනා ගැනීම සඳහා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks