01

E   |     |  

 දිනය: 2014-05-22   පිළිතුර ලබා දී ඇත 

3592/2014: හක්මන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් : අනවසර ගොඩ කිරීම්

3592/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       හක්මන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;

             (ii)       2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩකර ඇති  කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එම අනවසර ගොඩකිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;

(iv) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(v) එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;

(vi) ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා හක්මන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ  කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;

(ii) එසේ නම්,  ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එම කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      හක්මන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

              (ii)      අනවසරයෙන් ගොඩ කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 4යි පර්චස් 11කි.

             (iii)      ඔව්.

             (iv)      පැමිණිලි 43කි.

              (v)      ඔව්.

             (vi)      ලැබී ඇති පැමිණිලි 43න් පැමිණිලි 20ක් සඳහා නඩු පවරා වැළැක්වීමේ නියෝග 18ක් ලබා ගෙන ඇත. නඩු 2ක් දැනට අධිකරණයේ විභාග වෙමින් පවතී. තවද, පැමිණිලි 23ක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලට අදාළ නීතිමය කටයුතු කිරීමට පෙර විත්තිකරුවන් විසින් ගොඩ කරන ලද ඉඩමෙහි පස් ඉවත් කර යථාවත් කර ඇත.

(ආ) (i) ඔව්.

(ii) නීත්‍යනුකූල අවසරය ලබාගෙන ගොඩ කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 4යි පර්චස් 06කි.

(iii) නිවසක් තැනීම, මහජන පොළ ඉදි කිරීම සහ බුද්ධ ජයන්ති පාසල පුළුල් කිරීම සඳහා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා දී ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks