01

E   |     |  

 දිනය: 2014-05-20   පිළිතුර ලබා දී ඇත 

3526/2014: කඹුරුපිටිය ප්‍රා.ලේ. බල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් : අනවසර ගොඩ කිරීම්

3526/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;

            (ii)      2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩකර ඇති  කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එම අනවසර ගොඩකිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;

(iv) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(v) එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකූලව කටයුතු කර තිබේද;

(vi) ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;

(ii) එසේ නම්,  ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එම කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවස්ථාව ලබා දීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

              (ii)      රූඩ් 02 පර්චස් 02කි.

             (iii)      ඔව්.

             (iv)      පැමිණිලි 06යි.

              (v)      ඔව්.

             (vi)      ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 05ක් සම්බන්ධයෙන් නඩු පවරා වැළැක්වීමේ නියෝග 04ක් ලබා ගෙන ඇත. ඉහත පැමිණිලි 05න් එක් පැමිණිල්ලක් ප්‍රාදේශීය සභාවේ ගැසට් කරන ලද පාරක් වන බැවින් එම පැමිණිල්ලට අදාළ වැළැක්වීමේ නියෝගය නිෂ්ප්‍රභ වී ඇත.

තවද, එක් ඉඩම් ගොඩ කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළ නීතිමය කටයුතු කිරීමට පෙර විත්තිකරු විසින් ගොඩ කරන ලද ඉඩමෙහි පස් ඉවත් කර ගෙන ඇත. 

(ආ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks