පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3524/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නිවාස සංකීර්ණයක් පිහිටා ඇති බව දන්නේද;
(ii) එම නිවාස සංකීර්ණයේ ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(iii) එම නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
(iv) ඒ සඳහා අරමුදල් සපයනු ලැබූ මූලාශ්‍ර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මේ වන විට ඉහත නිවාස සංකීර්ණයෙන් පදිංචිය සඳහා ලබා දී ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘතිය මෙතෙක් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දී නොමැති නම්, එය ජාතික ධනය විනාශ කිරීමක් බව පිළිගන්නේද;
(iii) එසේ නම්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තකට එම නිවාස ව්‍යාපෘතිය යොදා ගැනීමට සැලසුම් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) අඩු පිරිවැය නිවාස 192
මධ්‍යම පිරිවැය නිවාස 384
මුළු නිවාස සංඛ්‍යාව 576
(iii) ඇස්තමේන්තුගත පිරිවැය රු.1,536,968,329.89
(iv) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමේ එක් පාර්ශ්වයක් වන වින්කොන් ඩිවලොප්මන්ට් (පුද්ගලික) සමාගම විසින් අරමුදල් සපයනු ලැබේ.
(ආ) (i) පදිංචිය සඳහා මෙතෙක් නිවාස ලබා දී නොමැත.
(ii) නැත.
(iii) රාජ්‍ය සේවකයන්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කර ඇති බැවින් වෙනත් කටයුත්තක් සඳහා මෙම නිවාස භාවිතා කිරීමට අදහස් නොකරයි.
(ඇ) දැනට මෙම නිවාස මහජන ඉල්ලීම් මත ලබා දීමේ මූලික කටයුතු මේ වන විටත් කරගෙන යනු ලබයි.
පිළිතුරු දුන් දිනය
2014-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks