01

E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

3417/2014: මෝටර් කාර්මික විෂය : පාසල් විෂය මාලාව

3417/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සීඝ්‍රයෙන් වර්ධනය වන මෝටර් රථ නිෂ්පාදනය හා භාවිතය යන ක්ෂේත්‍රය පිළිබඳව මහජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඉවහල් වන අධ්‍යාපනික ක්‍රියාවලියක් පාසල් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගන්නේද;

(ii) ඒ අනුව මෝටර් කාර්මික දැනුම පාසල් දරුවන් අතර ප්‍රවර්ධනය සඳහා මෝටර් කාර්මික විෂය පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඇතුළත් කර තිබේ.

             (iii)      අ.පො.ස. සාමාන්‍ය පෙළ    - කන්නන්ගර ප්‍රතිසංස්කරණවල සිට පැවති ක්‍රමය අහෝසි විය.

                        අ.පො.ස. උසස් පෙළ    - 2013 සැප්තැම්බර් මස 15 දින සිට (උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කළ දිනය )

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks