01

E   |     |  

 දිනය: 2013-05-21   පිළිතුර ලබා දී ඇත 

3406/2013: අලව්ව, හුම්බුළුව - නැ‍ඟෙනහිර පෞරාණික වැව: සංවර්ධනය

3406/’12

 

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හුම්බුළුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පෞරාණික වැවක් පිහිටා ඇති බවත්;

  (ii)  මේ වන විට එම වැවේ කොටසක් ගොඩකර ඇති බවත්;

  (iii)  එම වැව සංවර්ධනය කිරීම තුළින් ගොවීන් විශාල සංඛ්‍යාවකට  සෙත සැලසෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  එම වැව අයත් ඉඩම සතු වන්නේ කවුරුන්ටද;

  (ii)  අයිතිකරුවන් සිටී නම්, ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-21

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හුම්බුළුව නැ‍ඟෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පෞරාණික වැවක් පිහිටා තිබූ බවට සාධක ඇති අතර, එය රජයට අයත් බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි නොමැත.

              (ii)      වැවක් තිබූ බවට සාධක ඇති ප්‍රදේශයේ කුඹුරු යායක් අස්වද්දා ඇත.

             (iii)      එම කුඹුරු අස්වද්දා ඇති ගොවීන් හා ගොවි සංවිධාන වැවක් ඉදි කිරීම සඳහා ස්වකැමැත්ත ලබා දෙන්නේ නම් රජයට ඒ සඳහා මැදිහත් විය හැක.

(ආ) (i) 2000 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් කරන ලද මැනුම් කටයුතුවලදී මෙම වැව අයත් ඉඩමෙහි හිමිකම්ලාභීන් ලෙස හුම්බුළුව රජමහා විහාරයේ දායක සභාව ඇතුළු ගොවීන් 20 ‍දෙනකුගේ නාම ලේඛනයක් දක්වා ඇත.

(ii) ඉහත ලේඛනයට අදාළව මෙම ඉඩම් කොටසේ හිමිකම්ලාභීන් ලෙස සඳහන් කර ඇති හිමිකරුවන්ගේ නාම ලේඛනය ඇමුණුමෙහි* සඳහන්ව ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks