පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3369/’12
ගරු පී. හැරිසන් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයස අවුරුදු 2-5 අතර ළමයින් සඳහා නැවුම් කිරි වීදුරුවක් ලබාදීමට රජය සැලසුම්කර තිබේද;
(ii) ඒ අනුව මේ වන විට නැවුම් කිරි වීදුරුවක් ලබාගැනීම සඳහා සුදුසුකම් ඇති ළමයින් සංඛ්‍යාව කොපමණද;
(iii) ඒ වෙනුවෙන් 2013 අයවැයෙන් වෙන්කර තිබූ මුදල කොපමණද;
(iv) ඒ අනුව එක් ළමයෙකුට නැවුම් කිරි ලබාදීම සඳහා වැය කරනු ලැබූ මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලියාපදිංචි කර ඇති පෙරපාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) 2013 වර්ෂයේදී පෙරපාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වන විට ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති පෙරපාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර, එය ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-25
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
2006 වර්ෂයේ මෙම වැඩසටහන ආරම්භයේදී එනම් නියමු ව්‍යාපෘති සඳහා වයස අවුරුදු 2-5 අතර පෝෂණ මට්ටමින් අඩු හා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් තෝරා ගන්නා ලදි. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමේ වයස අවුරුදු 3-5 වන බැවින් වර්තමානයේදී වයස අවුරුදු 3-5 අතර පෙර පාසල්වල සිටින සියලුම දරුදැරියන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
` (ii) 226,494කි.
(iii) රු.මි. 240.
(iv) ඔව්.
එක් ළමයකු සඳහා මාසයකට රු.180/-ක් වැය කරනු ලබයි.
මාසයකට දරුවකු සඳහා කිරි ලීටර් 03 ලබා දෙනු ලබයි. (දිනකට මි.ලි.150)
කිරි ලීටරයක් සඳහා රු.50 ගෙවනු ලබයි. ( 50x3 = 150)
කිරි ලීටරයකට ප්‍රවාහන ගාස්තු වශයෙන් රු.10කි. කිරි ලීටර් 3 සඳහා රු.30/-කි. (ඒ අනුව 50x3=150+30=180/- සෑදී ඇත.)
(ආ) (i) 13,496
(ii) 511,381
(iii) පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර නැත. නමුත් 2004 වර්ෂයේ ළමා ලේකම් කාර්යාලය විසින් මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර එම වර්ෂයේ සිටම ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි.
පෙර පාසල් අධීක්ෂණය හා නියාමනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව පළාත් සභා විෂයක් ලෙස ක්‍රියාත්මක වන අතර මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ආයතනය වන ළමා ලේකම් කාර්යාලය, මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික කමිටුව හරහා සියලු පළාත්වල මුල් ළමා විය සංවර්ධන කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. ඒ අනුව මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමටත් එහි කාර්යයන්ට අනුව පෙර පාසල් සඳහා අවම ප්‍රමිතීන් සකස් කර ක්‍රියාත්මක කිරීමටත්, ජාතික ප්‍රතිපත්තිය පනතක් බවට පත් කිරීමටත් අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks