01

E   |     |  

 දිනය: 2013-12-06   පිළිතුර ලබා දී ඇත 

3367/2013: ළමා රැඳවුම් නිවාස : විස්තර

3367/’12

 

ගරු පී. හැරිසන් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)          (i)      රජයේ ලියාපදිංචි ආරක්ෂක රැකවරණ ලබන ළමා නිවාස සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ සිටින ළමුන් සංඛ්‍යාව කොපමණද;

            (iii)      එම එක් ළමයෙකුගේ නඩත්තු කටයුතු වෙනුවෙන් 2013 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව තුළ ඇති  ළමා රැඳවුම් නිවාස සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ සිටින  ළමුන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් ළමයෙකු වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;

(iv) එම මුදල ඔවුන්ගේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් වේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-06

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      355යි.

       (ii)      10,253යි.

     (iii)      නැත.

                        එක් ළමයකුගේ නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය කොපමණද යන්න නිශ්චිතවම සඳහන් කිරීමේ හැකියාවක් නොමැත. ළමා නිවාසවල දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් අදාළ පළාත් සභා මඟින් 2013 අය වැය මඟින් වෙන් කර ඇති සමස්ත මුළු මුදල රුපියල් මිලියන 253.36කි.

නමුත් ආරක්ෂක රැකවරණය ලබන ස්වේච්ඡා ළමා නිවාස රජයේ ලියාපදිංචි කරනුයේ එම නිවාස නඩත්තු කිරීමේ හැකියාව අදාළ ස්වේච්ඡා සංවිධාන සතුව පවතින්නේ ද යන්න සලකා බැලීමෙන් පසුවයි. ඒ අනුව ළමා නිවාස පවත්වා ගෙන යාමටත්, දරුවන්ගේ රැකවරණය උදෙසාත් එකී ස්වේච්ඡා සංවිධාන මැදිහත් වේ. ඒ අනුව රජයේ ලියාපදිංචි ස්වේච්ඡා ළමා නිවාස සඳහා රජය මඟින් යථායෝග්‍ය ආධාර පමණක් ලබා දෙයි. 

කෙසේ වෙතත් අදාළ පළාත් සභා මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලට අමතර වශයෙන් පළාත් කොමසාරිස්වරුන් මඟින් හඳුනා ගනු ලබන විවිධ ව්‍යාපෘති සඳහා මධ්‍යම රජය විසින් පහත දක්වා ඇති පරිදි 2013 වර්ෂයේ දී මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

ළමා නිවාස ගුණාත්මක තත්ත්වයෙන් වැඩි දියුණු කිරීම - රුපියල් මිලියන 10

ආයතනගත ළමුන් සඳහා වන කුසලතා පුහුණු - රුපියල් මිලියන 0.20

මේක සාමාන්‍යයෙන් කලාපයෙන් කලාපයට වෙනස් වෙනවා. රුපියල් මිලියන 253ක් පමණ වෙන් කරලා තිබෙනවා.

 

(ආ) (i) 13යි.

(ii) 652යි.

(iii)  

 

 

පළාත

ළමයකු වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය (වාර්ෂිකව)

මධ්‍යම පළාත

රු.    29200.00

සබරගමුව පළාත

රු.    78230.00

උතුරු මැද පළාත

රු.    36000.00

දකුණු පළාත

රු.  205908.00

වයඹ පළාත

රු.    35640.00

ඌව පළාත

රු.  180000.00

බස්නාහිර පළාත

*

නැඟෙනහිර පළාත

ළමා රැඳවුම් නිවාස නැත.

උතුරු පළාත

රු.    48387.00

සටහන * බස්නාහිර - සියලුම ළමා නිවාසවලට පොදුවේ මුදල් වෙන් කර ඇති අතර, රැඳවුම් නිවාසවලට පමණක් වෙන් කළ ගණන සඳහන් කළ නොහැකි බව දන්වයි.

(iv) බස්නාහිර හැර අනෙක් පළාත් සඳහා ප්‍රමාණවත් වේ.

බස්නාහිර පළාත් සභාවට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. අනෙක් පළාත්වලට මීට වඩා  වැඩි ප්‍රමාණයක් ලැබෙනවා නම්  හොඳයි කියන එක තමයි  මාගේ හැඟීම.

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks