පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3329/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2008-2012 කාලය තුළ කාන්තා හිංසනයට අදාළව වාර්තා වී ඇති,
(i) සමස්ත පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) පැමිණිලි සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පැමිණිලි සංඛ්‍යාව එක් එක් වයස් කාණ්ඩ අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පොලිස් වාර්තාවලට අනුව, කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-08
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු තිස්ස කරල්ලියද්ද මහතා
(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த )
(The Hon. Tissa Karalliyadde - Minister of Child Development and Women’s Affairs)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.
(අ) (i) 22,617කි.
(ii)
(iii) ඉල්ලා ඇති වර්ෂ සඳහා එක් එක් වයස් කාණ්ඩ අනුව පැමිණිලි වර්ග කර නොමැති බැවින් එසේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව නොමැත. 2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට එක් එක් වයස් කාණ්ඩ අනුව පැමිණිලි ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks