පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3229/’12
ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මිහින් ලංකා ගුවන් සමාගමට අදාළව,
(i) 2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;
(ii) 2013 - 2014 වර්ෂ සඳහා අපේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;
(iii) අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;
(iv) එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(v) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;
(vi) එම ආයතනය සේවකයෙකුට දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;
(vii) බැංකු අයිරා ද ඇතුළත්ව කෙටි කාලීන ණය, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-06
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன – சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) 2012- 2013 අලාභය රුපියල් 3,293,474,683යි.
2011- 2012 අලාභය රුපියල් 1,967,843,119යි.
(ii) අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 2,202කි.
(iii) නිකුත් කළ ප්‍රාග්ධනය - රු. 5,140,610,800
නිකුත් නොකළ ප්‍රාග්ධනය - රු. 2,807,419,946
එකතුව - රු. 7,948,030,746
(iv) 304යි.
(v) සේවක හිඟයක් තිබේ.
(vi) සේවකයෙකුට දරන පිරිවැය - රු. 129,649කි. (මාසික සාමාන්‍ය)
(vii)
|
|
රුපියල් |
|
බැංකු අයිරා |
නැත |
|
කෙටි කාලීන ණය |
96,435,755.00 |
|
මධ්‍ය කාලීන ණය |
187,080,290.00 |
|
දිගු කාලීන ණය |
නැත |
|
මුළු එකතුව |
283,516,045.00 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks