01

E   |     |  

 දිනය: 2013-12-09   පිළිතුර ලබා දී ඇත 

3221/2013: ආගම අනුව ශ්‍රී ලාංකික ජන අනුපාතය : විස්තර

3221/’12

 

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2012 වර්ෂයේදී ශ්‍රී ලාංකික ජනගහනයේ ප්‍රතිශතය එක් එක් ආගම අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ඉහත සඳහන් තොරතුරු 2012 වර්ෂයේ පැවති ජාතික සංගණනයේ තොරතුරු හා තහවුරුවන්නේද;

(iii) බලහත්කාරයෙන් පුද්ගලයින් ආගම්වලට හරවාගැනීම් වාර්තාවීම් එක් එක් දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) බලහත්කාරයෙන් පුද්ගලයින් ආගම්වලට හරවාගැනීම් සිදුකළ පුද්ගලයින්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-09

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2012 වර්ෂයේ ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 20,263,723යි.

 

අනු අංකය

ආගම

ජනගහනය හා ජනගහනයේ ප්‍රතිශතය (එක් එක් ආගම අනුව)

01

බෞද්ධ

14,222,844

70.2%

02

හින්දු

2,554,606

12.6%

03

ඉස්ලාම්

1,967,227

 9.7%

04

රෝමානු කතෝලික

1,237,038

6.1%

05

වෙනත් ක්‍රිස්තියානි

272,568

1.3%

06

වෙනත්

9,440

  0.0%

(ii) ඔව්.

(iii) වාර්තා වී නොමැත.

(iv) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks