01

E   |     |  

 දිනය: 2013-06-18   පිළිතුර ලබා දී ඇත 

3209/2013: ශ්‍රී ලංගම විශ්‍රාමිකයින් : හිඟ පාරිතෝෂික

3209/’12

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2012 මැයි 01 ලෝක කම්කරු දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංගම විශ්‍රාමික සේවකයින් සුළු පිරිසකට පමණක් සංකේතාත්මකව හිඟ පාරිතෝෂික ගෙවා ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)     1978-1991 වකවානුව තුළ සේවය කොට විශ්‍රාම ලැබූ ශ්‍රී ලංගම සේවකයින්ගෙන්,

  (i)  සම්පූර්ණ විශ්‍රාම පාරිතෝෂිකය ලබාගෙන ඇති සංඛ්‍යාව;  

  (ii)  විශ්‍රාම පාරිතෝෂිකයෙන් කොටසක් පමණක් ලබාගෙන ඇති සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  ඉහත ශ්‍රී ලංගම සේවකයින්ගේ හිඟ විශ්‍රාම පාරිතෝෂිකය නොපමාව ලබා දෙන ලෙසට නඩු තීන්දුව ලබාදී මේ වනවිට ගතවී ඇති කාලය කොපමණද;

  (ii)  ශ්‍රී ලංගම විශ්‍රාමිකයින්ගේ හිඟ විශ්‍රාම පාරිතෝෂික කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-18

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා (ප්‍රවාහන අමාත්‍යතුමා)

(மாண்புமிகு குமார வெல்கம - போக்குவரத்து அமைச்சர்)

(The Hon. Kumara Welgama - Minister of Transport)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)       ඔව්.

(ආ)         (i)      30,885කි.

              (ii)      විශ්‍රාම පාරිතෝෂිකය කොටස් වශයෙන් නොව එක වර ගෙවා ඇත.

(ඇ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ හිඟ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සම්බන්ධයෙන් එසේ නඩු තීන්දුවක් ලබා දී නොමැත. නමුත් 2005.10.19වන දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටු වූ පසු CA (Writ) 43/2003 මහාධිකරණ නඩුව මඟින් මුල් පත්වීමේ දින සිට විශ්‍රාම යාම දක්වා පාරිතෝෂිකය ගණනයට තීරණය කරන ලදී.

(ii) ඔව්.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks