01

E   |     |  

 දිනය: 2013-09-04   පිළිතුර ලබා දී ඇත 

3063/2013: බලවේග කට්ටල හා සුඛෝපභෝගී දුම්රිය මිලදී ගැනීම : මූල්‍යමය අලාභය

3063/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      දුම්රිය බලවේග කට්ටල 11ක් සහ සුඛෝපබෝගී දුම්රිය දෙකක් අඩු මිල ගණන් යටතේ ප්‍රවාහනය  කිරීමට අවස්ථාව ලැබී තිබියදී ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා නියෝජ්‍ය සභාපති ධූරය දරන සමාගමක් වෙත එම ප්‍රවාහන කටයුතු ලබාදීම නිසාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අලාභයක් සිදුවී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් පරිදි දුම්රිය බලවේග කට්ටල හා  සුඛෝපබෝගී දුම්රිය ප්‍රවාහනය කිරීමේ ගණුදෙනුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දැරීමට සිදු වූ අලාභය කොපමණද;

(ii) එම  මූල්‍යමය අලාභය සිදුකරමින් වංචනික ලෙස කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගනු ලබන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-04

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා

(மாண்புமிகு குமார வெல்கம)

(The Hon.  Kumara Welgama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)       දුම්රිය දෙපාර්ත‍මේන්තුවට දුම්රිය බලවේග කට්ටල 11ක් සහ සුඛෝපභෝගී දුම්රිය 02ක් චීනයේ සිට නැව් මඟින් ප්‍රවාහනය කිරීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 415හි විධිවිධාන පරිදි සී/ස ශ්‍රී ලංකා නැව් සංස්ථාව මඟින් සිදු කර ඇති අතර එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට අලාභයක් සිදු වී නොමැත.

(ආ)         (i)      පැන නොනඟී.

              (ii)      පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks