01

E   |     |  

 දිනය: 2013-07-12   පිළිතුර ලබා දී ඇත 

2886/2013: ශ්‍රී ලංකාවට එරෙහි මාධ්‍ය ප්‍රචාර : නිවැරදි කිරීම

2886/’12

ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරගෙන ගිය පැහැදිලිවම සෘණාත්මක ජාත්‍යන්තර මාධ්‍ය ව්‍යාපාරය හේතුවෙන් ශ්‍රී ලංකා රජය මෑත අතීතයේදී අපහසුතාවයට ලක්වූ අවස්ථා තිබේද;

  (ii)  2010, 2011 සහ 2012 (පෙබරවාරි-මාර්තු) වර්ෂයන්හි දී එක්සත් රාජධානියේ “චැනල් 4” මාධ්‍ය ආයතනය විසින් එවන් ව්‍යාපාරයන් සිදු කර තිබේද;

  (iii)  2010 වර්ෂයේදී ගරු මහින්ද සමරසිංහ මහතා සඳහන් කළ පරිදි ඒ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ “චැනල් 4” මාධ්‍ය ආයතනයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;

  (iv)  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් “චැනල් 4” හරහා සිදු කරන ලද යම් විකාශයන් පිළිබඳව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව සඳහන් කර තිබේද;

  යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  “චැනල් 4” මාධ්‍ය ආයතනය විසින් සිදුකරගෙන ගිය ඉහත සඳහන් කළ හානිදායක මාධ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග කවරේද;

  (ii)  එසේ නොමැතිනම්, එසේ නොකිරීමට හේතු කවරේද;

  (iii)  ලොව පුරා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන මාධ්‍ය ව්‍යාපාර පිළිබඳව අවදියෙන්, පරීක්ෂාකාරීව සිටින පුද්ගලයා හෝ ආයතනය කවරේද;

  (iv)  ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන ලද මෙවැනි තවත් ව්‍යාපාරයන් පැවතුණේද;

  (v)  “චැනල් 4” විසින් සිදුකරන ලද විකාශය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් සැලකිල්ල යොමුකිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-12

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්. එහෙම වැඩ පිළිවෙළක් දියත් කෙරිලා තිබෙනවා.    

                        ඒක මවිතයට කරුණක් නොවෙයි. යුද්ධයෙන් කර ගන්න බැරි වුණු යම් යම් දේවල්, ඒ අයගේ අරමුණු වෙන ක්‍රමවේද පාවිච්චි කරලා ඉටු කර ගැනීමට උත්සාහ දරනවා.

              (ii)      "චැනල් 4" එක ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන 2010, 2011, 2012 වර්ෂවල ඒ විධියේ ව්‍යාපාරයක් කරගෙන ගියා.

ඒකත් මවිතයට කරුණක් නොවෙයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ සියල්ලක්ම සිදු වුණේ ශ්‍රී ලංකාවට වැදගත් මොකක් හරි සිද්ධියකට ඔන්න මෙන්න තිබියදීයි. එක් වතාවක් මේක ප්‍රදර්ශනය කළේ, මම ලන්ඩන් නුවර ඉන්න කොට ඒ රටේ විදේශ අමාත්‍ය විලියම් හේග් මැතිතුමා හමුවේ. ඊළඟට මේක එළියට දැම්මේ, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සංගමය ඇමතීමට එංගලන්තයේ ඉන්න වෙලාවේ. ඒවා ඉලක්ක කරලා තමයි මේවා කරන්නේ. ඒවා හුදෙක් දේශපාලන වැඩ පිළිවෙළක්.

(iii) ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි ‍මේ සම්බන්ධයෙන් පියවර රාශියක් අරගෙන තිබෙනවා. ඒවා මෙසේයි.

2010

* The High Commission of Sri Lanka in London issued a Statement to the Channel 4 rejecting the  contents of the video.

* Regarding the Channel 4 video that was aired on the eve of HE the President's visit to the UK in 2010, the High Commission issued a Statement categorically denying the contents of the same.

2011

* The GOSL response to Channel 4 was sent to its main company ITN in 2011.

* In June 2011, the Sri Lankan community in the UK protested against the Channel 4 documentary. Letters and e-mails to Channel 4 were sent and demonstrations/public protests and Sri Lanka solidarity events took place. The community also made a complaint to the Ofcom (the electronic communications regulatory body in the UK), against the Channel 4 programme.

There were reports that international organizations in the United Kingdom and Europe had also been lobbying through communications and publications.

* The Sri Lankan High Commission in the UK carried out  the following:

i. Organized media interviews for the Presidential Adviser on Reconciliation to refute the content of Channel 4 with Al-Jazeera and BBC Hard Talk.              

ii. Live radio debate with the  producer of the documentary Callum Macrae and Acting HC.

* The documentary "Lies Agreed Upon" was screened at the Portcullis House in the UK Parliament, and was attended by Parliamentarians, academics, representatives  of the media and a cross section of Sri Lankans in the UK.

* CD copies of a rebuttal refuting the allegations in the Channel 4 documentary were provided to the Foreign and Commonwealth Office, several think tanks and individual Parliamentarians.

* A series of Diaspora dialogue events  were organized throughout the year, at the High Commission.

* The Mission organized a reception for the Parliamentarians at the Conservative Party Conference which was attended by several Parliamentarians, Councillors and Party Activists. 

2012

* An official statement from the GOSL was released immediately after the broadcast of "Sri Lanka's Killing Fields - War Crimes Unpunished".

* The High Commissioner carried out a series of lectures to think tanks, opinion makers, and Parliamentarians to counter the negative campaign conducted by Channel 4, including at The Royal Commonwealth Society, Bristol; Royal Overseas League, London; Conservative Foreign and Commonwealth Council; Royal Society for Asian Affairs; Royal Geographical Society; Guild of Travel and Tourism; House of Lords; House of Commons; Defence and Security Forum.

* Facilitated the Presidential Adviser on Reconciliation and a local politician to refute Channel 4 contents at the Frontline Club, in Paddington, London, before a cross section of British polity as audience.

* The High Commission had regular dialogue including on Channel 4, with several Commonwealth institutions, including the Commonwealth Secretariat, Commonwealth Foundation, High Commissioners and the Board of Governors of the Commonwealth. In addition, substantial dialogue was regularly held with Commonwealth Civil Society Groups.

Interviews of the High Commissioner:

* An interview of the High Commissioner by Channel 4 when he was intercepted at a Commonwealth Reception.

* BBC Radio 4 "Today" Programme - interview with the High Commissioner

* The High Commissioner interviewed on BBC News at ten.

* The High Commissioner was interviewed on BBC World News "Impact".

ඒක විස්තර සහිතව කියවා බැලීමේ දී  ගරු මන්ත්‍රීතුමා දකීවි, අපි ඒ සම්බන්ධයෙන් කරපු දේවල් මොනවාද කියලා. අපි ලියුම්, ඊ මේල්  චැනල් 4 එකට පමණක් නොවෙයි, මීට අදාළ නොයෙක් නොයෙක් ආයතනවලට ඉදිරිපත් කළා. ඒ වාගේම අපි සම්මුඛ සාකච්ඡා පැවැත්වූවා, Al-Jazeera,  BBC Hard Talk,  BBC Radio 4 "Today" Programme,   BBC News at ten, BBC World News වැනි ආයතන සමඟ. ඒ සියල්ලටම අපට කියන්න තිබෙන දේවල් විස්තර සහිතව අපි ඉදිරිපත් කළා.

ඒ විතරක් ‍‍නොවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ මහ කොමසාරිස්තුමා මේක හදපු පුද්ගලයා වන කැලම් මැක්රේ සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා.

ඒ වාගේම ඊට පිළිතුරක් වශයෙන් අපි "Lies Agreed Upon" කියන චිත්‍රපටිය හදලා ඒක මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නා. ඒ වාගේම විදේශ කටයුතු අමාත්‍යාංශයට, නොයෙක් බුද්ධි මණ්ඩලවලට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අප මේ කරුණු විස්තර සහිතව අනාවරණ  කළා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවට ගිහින් ඒ අය අමතමින් මේ සියල්ලක්ම පිළිබඳව ඒ අය දැනුවත් කළා.

ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාට පිළිතුරක් වශයෙන් මේ කරුණු ලබා දුන් ආයතන මා සඳහන් කරන්නම්. ඒවා තමයි, Royal Commonwealth Society, Bristol; Royal Overseas League, London; Conservative Foreign and Commonwealth Council; Royal Society for Asian Affairs; Royal Geographical Society; Guild of Travel and Tourism, ඒ වාගේම සාමි මන්ත්‍රී මණ්ඩලය හා Defence  and Security Forum.

(iv) ඔව්,  ඒක හරි.  LLRC වාර්තාවේ "චැනල් 4" එක පිළිබඳ සඳහනක් තිබෙනවා.

 

(ආ)         (i)         අපි ගත් පියවර මොනවාද කියලා ඔබතුමා අහලා තිබෙනවා.

                        ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ දැන ගැනීම සඳහා අපේ තානාපති කාර්යාල ලෝකයේ විවිධ ප්‍රදේශවල ගත් පියවර විස්තර සහිතව වෙන වෙනම සඳහන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ එක්සත් රාජධානියේ අපි ගත් පියවර, ඕස්ට්‍රේලියාවේ අපි ගත් පියවර, බ්‍රසල්ස්වල, -ඒ කියන්නේ යුරෝපීය සංගම‍යේ බ්‍රසල්ස්වල- අපි ගත් පියවර, කැනඩාව, ඉන්දියාවේ නවදිල්ලිය, චෙන්නායිවල අපි ගත් පියවර වෙන වෙනම සඳහන් කර තිබෙනවා. ඇමෙරිකානු එක්සත් ජනපදය, නිව්යෝර්ක්, එක්සත් ජාතීන්ගේ සංගමය හා වොෂින්ටන් වෙන වෙනම සඳහන් කර තිබෙනවා. Switzerland, Norway, Sweden, Malaysia කියන රටවල අපේ තානාපති කාර්යාල අරගෙන තිබෙන පියවර සඳහන් වෙලා තිබෙනවා.  සමහර විවේචන තිබෙනවා, තානාපති කාර්යාල මෙයට ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැයි කියලා. මෙහි විස්තර සහිතව සඳහන් වෙලා තිබෙනවා, ඒ එක් එක් රටේ අපේ තානාපති කාර්යාල අර ගෙන තිබෙන පියවර ගැන.

      (ii)  අදාළ වන්නේ නැහැ.

     (iii)  ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වග කීම භාර වන්නේ  මගේ අමාත්‍යාංශයටයි.  ඒ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයට හා අපේ විදේශීය තානාපති කාර්යාලවලටයි.

     (iv)  මේ විධියේ විවිධ වැඩ පිළිවෙළවල් දියත් කර ගෙන යනවා. ඒවායේ එකම අරමුණ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව මානව හිමිකම් දේශපාලන ආයුධයක් හැටියට පාවිච්චි කිරීමයි.

    (v)  එල්එල්ආර්සී වාර්තාවේ ප්‍රතිඵලයක් වශයෙන් අපි ගත් පියවර මොනවාද කියලා ඔබතුමා අහනවා.

Court of Inquiry එකක්, ඒ කියන්නේ යුද හමුදාව මේවා පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග නි‍ර්දේශ කිරීම සඳහා මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. ඒ වාගේම, ඊට පසුව, අතුරුදන් වෙලාය කියන පුද්ගලයන් පිළිබඳ සත්‍යය සොයා බලා වාර්තා කිරීම සඳහා කොමිෂන් සභාවක් - Commission on Alleged Disappearances - පත් කරලා තිබෙනවා. එය හමුදාවේ කොමිෂන් සභාවක් නොවෙයි. එහි සභාපති, මහාධිකරණයේ විශ්‍රාම ගත් විනිශ්චයකාරවරයෙක්. මේ සියලු කරුණු ආශ්‍රිතව අපි ඒ පියවර ගෙන තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks