01

E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2867/2012: Mr. Abdul Ramees

2867/’12

 

ගරු එම්. ටී. හසන් අලි  මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      1996.09.27 දින හෝ ආසන්න දිනයක අම්පාර දිස්ත්‍රික්කයේ, පාන්ඩිරුප්පු පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියදී, ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ කල්මුනේ පොලිසියට අනුයුක්ත ග්‍රාමාරක්ෂක භට, අබ්දුල් රමීස් මහතා (9913) වෙනුවෙන් වන්දි මුදල් සහ විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමක් මෙතෙක් සිදුවී නොමැති බවත්;

(ii) මේ පිළිබඳව කල්මුනේ පොලිසිය විසින්, අංක ඕඩබ්/3037/11 හා 2011.04.22 දිනැති ලිපිය මගින් සහ අම්පාර පොලිස් අධිකාරි විසින් අංක එස්ඒ2/එච්ජී/10/2011 හා 2011.04.20 දිනැති ලිපිය මගින් ඉගිනියාගල සිවිල් ආරක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබුණත්, මේ දක්වාත් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඝාතනයට ලක්වූ අවිවාහක අබ්දුල් රමීස් මහතාගේ වයෝවෘද්ධ දෙමව්පියන් වන එම්. ඒ. අබ්දුල් අසීස් සහ යූ.එල්. ආසියා උම්මා යන අයවලුන්ට එම වන්දි මුදල් සහ ඔහුගේ විශ්‍රාම වැටුප් නොපමාව ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks