01

E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2865/2012: Mr. A. N. M. Thaheer

2865/’12

 

ගරු එම්. ටී. හසන් අලි  මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      හොරොව්පතාන පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි උ.පො.කො.           ඒ. එන්. එම්. තාහිර් මහතා (25878) අසනීප තත්ත්වය හේතුකොට ගෙන, පොලිස්පතිතුමාගේ අංක 190/2009 හා 2009.12.30 දිනැති චක්‍ර ලේඛය අනුව 2009.06.06 දින සිට විශ්‍රාම ගෙන සිටින බවත්;

(ii) 2006.02.24 දින සිට පොලිස් නිත්‍ය සේවයට පත්කොට තිබෙන මොහුගේ සේවය අන්තර්ග්‍රහණය කිරීමට අදාළ වන නිර්දේශය Staff/DIG/IG/Out/259/11 හා 2011.10.04 දිනැති ලිපියක් මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරන ලද බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) තාහිර් මහතා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කොට විශ්‍රාම දීමනා සහ අදාළ වැටුප් කඩිනමින් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks