01

E   |     |  

 දිනය: 2013-06-19   පිළිතුර ලබා දී ඇත 

2818/2013: සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය : අපේක්ෂිත ආදායම

2818/’12

ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයට අදාළව,

              (i)       මාසික සහ වාර්ෂික නඩත්තු පිරිවැය සහ පොලී පිරිවැය කොපමණද;

            (ii)       ණය ගැනුම්වල ප්‍රාග්ධන පිරිවැය කොපමණද;

           (iii)       අපේක්ෂිත මාසික ආදායම කොපමණද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතියේ ණය ආපසු ගෙවීමේ කාල සීමාව කොපමණද;

  (ii)  මෙම කාල සීමාව සඳහා මුදල් හිඟය කොපමණද;

  (iii)  මෙම ව්‍යාපෘතියේ සියලු ණය හිමියන් සඳහා මේ වන විට මුදල් ගෙවනු ලබන්නේද; 

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මාසික නඩත්තු පිරිවැය සහ පොලී පිරිවැය විස්තරය ඇමුණුම (අ) සහ (ආ) වශයෙන් ඉදිරිපත් කර  ඇත. ඇමුණුම් සභාගත* කරමි.

               (ii)      ණය වශයෙන් ලබා ගත් ප්‍රාග්ධන වියදම  LIBO (තෙමසක කාලයක් සඳහා) සහ ඊට අමතරව සියයට 6ක් වාර්ෂිකව ඇතුළත් වේ.

             (iii)      මෙම ක්‍රීඩාංගණයේ දැනට පවත්වනු ලබන්නේ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රාහකත්වය දක්වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරග සහ එම ප්‍රදේශයේ සීමිත පාසල් තරග කිහිපයක් පමණි. එබැවින් අපේක්ෂිත මාසික ආදායමක් නොමැත.

(ආ) (i) 2011 ලෝක කුසලානය සඳහා සූදානම් කළ ක්‍රීඩාංගණ ත්‍රිත්වය සඳහාම ණය මුදල් ලබා ගෙන ඇත්තේ එක් වැය ශීර්ෂයක් යටතේය. එසේ ලබා ගත් සම්පූර්ණ ණය මුදලෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 8ක මුදලක් 2015 දෙසැම්බර් වන විට ගෙවා අවසන් වීමට නියමිතය. මීට අමතරව ණයක් වශයෙන් ලබාගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 8ක මුදලක් 2017 පෙබරවාරි වන විට ගෙවා අවසන් වීමට නියමිතය.

(ii) ඉහත දක්වා ඇති පරිදි ඇමෙරිකන් ඩොලර් මිලියන 16ක මුළු මුදලක් ගෙවීමට ඇත.

(iii) රාජ්‍ය අංශයේ ආයතනයන්ට ගෙවීමට තිබෙන ණය හැර අනෙක් සියලුම ණය මේ වන විට ගෙවා අවසන් කර ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-01-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks