පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2801/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මැදහත්වීමෙන් ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පලතුරු අපනයන ව්‍යාපෘතිය ආරම්භ කළ දිනය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;
(iii) ඒ සඳහා අරමුදල් සපයාගත් ආකාරය කවරේද;
(iv) ඒ යටතේ ප‍්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත ව්‍යාපෘතිය ආරම්භ කළ වර්ෂයේ සිට මේ දක්වා එක් එක් පලතුරු වර්ගයේ වාර්ෂික නිෂ්පාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) එම නිෂ්පාදන අපනයනය කරනු ලබන රටවල් කවරේද;
(vii) එකී රටවල් වෙත වාර්ෂිකව අපනයනය කරනු ලැබූ පලතුරු වර්ග සහ ඒවායේ ප‍්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(viii) මේ වනවිට එම ව්‍යාපෘතිය ලබා ඇති ප‍්‍රගතිය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-19
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)
(The Hon. Susantha Punchinilame)
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ 2003.11.04 දිනය.
ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සකස් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සියයට 51ක්, ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ සියයට 16ක්, රාජාංගනය අපනයන නිෂ්පාදන ජනතා සමාගම සියයට 28ක්, අපනයන සංවර්ධන මණ්ඩලය සියයට 5ක් වශයෙන් කොටස් දායකත්වය මත සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ සඳහා දායක වී ඇත්තේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව රාජාංගනය අපනයන නිෂ්පාදන ජනතා සමාගම වෙනුවෙන් වෙන් කළ සියයට 28ක කොටස් ප්‍රමාණය එම සමාගම වෙනුවෙන් මිලදී ගැනීමෙනි.
(ii) මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වූයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසවල පලතුරු වගා කරනු ලබන ගොවීන්ගේ ඵලදාව සඳහා සාධාරණ මිලක් ලබා දීම තුළින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීමය.
(iii) ඇස්තමේන්තු මුදලින් සියයට 51ක් පෞද්ගලික අංශය (Cecil Food (Pvt.) Limited) විසින් ද, සියයට 16ක් ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය විසින්ද, සියයට 5ක් අපනයන සංවර්ධන මණ්ඩලය විසින්ද අරමුදල් යොදවා ඇත. ඉතිරි සියයට 28 සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මඟින් යොදවා ඇත.
(iv), (v), (vi), (vii)
මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදනය, මෙහෙයවීම පිළිබඳ පූර්ණ වගකීම (Cecil Food (Pvt.) Limited) නමැති පෞද්ගලික සමාගම විසින් දරා ඇති බැවින් ප්‍රශ්න අංක (iv), (v), (vi), (vii)ට අදාළව පිළිතුරු සැපයීමට අවශ්‍ය තොරතුරු සමෘද්ධි අධිකාරිය සතුව නොමැත.
(viii) මෙම ව්‍යාපෘතිය (Cecil Food (Pvt.) Limited) නමැති පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන ගිය අතර වර්තමානයේ වෙනත් ආයතනයක් වන (CBL - Ceylon Biscuits Limited) ආයතනය විසින් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇත. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගොවීන්ගේ නිෂ්පාදන මෙම සමාගමට අළෙවි කිරීමෙන් ඔවුන් විසින් ආදායම් උපයනු ලබයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය විසින් ආයෝජනය කර ඇති මුදල ලබා ගැනීමට එම සමාගම සමඟ කීප අවස්ථාවකදීම සාකච්ඡා කරන ලදී. ඒ අනුව අදාළ සමාගමෙන් සමෘද්ධි අධිකාරිය වෙත ලබා දී ඇති කොටස් සහතික පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර එම මුදල ලබා ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු මේ වන විට සිදු කර ඇත. මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් සලකා බලා මේ වන විට එන්තරවාසි ලිපියක් යැවීමට කටයුතු කරන බව සමෘද්ධි අධිකාරිය වෙත දන්වා ඇත.
කෙසේ වෙතත් දැනට මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක නොවන අතර, ඒ වෙනුවට සමෘද්ධිලාභීන්ට ඍජුව සහන සැලසීම සඳහා වන වැඩසටහනක් පමණක් ක්‍රියාත්මක කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks