01

සි   |     |  

 Date: 2013-06-19   Answered 

2801/2013: FRUIT EXPORT PROJECT IN GALGAMUWA: DETAILS

2801/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Economic Development,—

(a) Will he state—

(i) the date on which the Fruits Export Project conducted in the Galgamuwa Divisional Secretariat Division, with the intervention of the Sri Lanka Samurdhi Authority was commenced;

(ii) the objectives of commencing the aforesaid project;

(iii) the manner in which the funds were raised for that purpose;

(iv) the number of families benefited by that;

(v) the annual production of each fruit from the year of commencement of the above project up to now separately;

(vi) the countries to which the aforesaid products are exported;

(vii) separately, the varieties of fruits and their quantities annually exported to the said countries; and

(viii) the progress achieved by the aforesaid project by now ?

(b) If not, why?

 

Asked Date

2013-06-19

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Economic Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා

(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)

(The Hon. Susantha Punchinilame)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ 2003.11.04 දිනය.

                        ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සකස් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සියයට 51ක්, ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ සියයට 16ක්, රාජාංගනය අපනයන නිෂ්පාදන ජනතා සමාගම සියයට 28ක්, අපනයන සංවර්ධන මණ්ඩලය සියයට 5ක් වශයෙන් කොටස් දායකත්වය මත සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ සඳහා දායක වී ඇත්තේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව රාජාංගනය අපනයන නිෂ්පාදන ජනතා සමාගම වෙනුවෙන් වෙන් කළ සියයට 28ක කොටස් ප්‍රමාණය එම සමාගම වෙනුවෙන් මිලදී ගැනීමෙනි.

(ii) මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වූයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසවල පලතුරු වගා කරනු ලබන ගොවීන්ගේ ඵලදාව සඳහා සාධාරණ මිලක් ලබා දීම තුළින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීමය.

(iii) ඇස්තමේන්තු මුදලින් සියයට 51ක් පෞද්ගලික අංශය (Cecil Food (Pvt.) Limited)  විසින් ද, සියයට 16ක් ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය විසින්ද, සියයට 5ක් අපනයන සංවර්ධන මණ්ඩලය විසින්ද අරමුදල් යොදවා ඇත.  ඉතිරි සියයට 28 සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මඟින් යොදවා ඇත.

(iv),  (v), (vi), (vii)

මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදනය, මෙහෙයවීම පිළිබඳ පූර්ණ වගකීම (Cecil Food (Pvt.) Limited) නමැති පෞද්ගලික සමාගම විසින් දරා ඇති බැවින් ප්‍රශ්න අංක (iv), (v), (vi), (vii)ට අදාළව පිළිතුරු සැපයීමට අවශ්‍ය තොරතුරු සමෘද්ධි අධිකාරිය සතුව නොමැත.

(viii) මෙම ව්‍යාපෘතිය (Cecil Food (Pvt.) Limited) නමැති පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන ගිය අතර වර්තමානයේ වෙනත් ආයතනයක් වන (CBL - Ceylon Biscuits Limited) ආයතනය විසින් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇත. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගොවීන්ගේ නිෂ්පාදන මෙම සමාගමට අළෙවි කිරීමෙන් ඔවුන් විසින් ආදායම් උපයනු ලබයි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය විසින් ආයෝජනය කර ඇති මුදල ලබා ගැනීමට එම සමාගම සමඟ කීප අවස්ථාවකදීම සාකච්ඡා කරන ලදී. ඒ අනුව අදාළ සමාගමෙන් සමෘද්ධි අධිකාරිය වෙත ලබා දී ඇති කොටස් සහතික පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර එම මුදල ලබා ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු මේ වන විට සිදු කර ඇත. මේ                  අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් සලකා බලා මේ වන විට එන්තරවාසි ලිපියක් යැවීමට කටයුතු කරන බව සමෘද්ධි අධිකාරිය වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් දැනට මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක නොවන අතර, ඒ වෙනුවට සමෘද්ධිලාභීන්ට ඍජුව සහන සැලසීම සඳහා වන වැඩසටහනක් පමණක් ක්‍රියාත්මක කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

Answered Date

2013-06-19

Answered by

Hon. Susantha Punchinilame, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks