01

E   |     |  

 දිනය: 2013-06-06   පිළිතුර ලබා දී ඇත 

2794/2013: ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති: දරන තනතුරු, වැටුප් හා දීමනා

2794/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)    (i)       ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගේ මාසික වැටුප 2006 වර්ෂයේ සිට මේ දක්වා වෙනස් වී ඇති ආකාරය කවරේද;

            (ii)       ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපතිවරයා එම තනතුරට  අමතරව දරන වෙනත් තනතුර හෝ තනතුරු කවරේද;

  (iii)  එම තනතුර හෝ තනතුරු දැරීම වෙනුවෙන් මාසිකව ඔහුට ලැබෙන වැටුප්, දීමනා හෝ වෙනත් පහසුකම් කවරේද;

  (iv)  එම තනතුර හෝ තනතුරු ලබාගත් දින සිට මේ දක්වා  ඒවාට අදාළව මාසිකව ලැබෙන වැටුප්, දීමනා හෝ වෙනත් පහසුකම් වෙනස්  වී ඇති අකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)

(The Hon. Rohitha Abeygunawardana - Minister of Ports and Highways)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

පිළිතුරු දුන් දිනය

2013-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks