01

E   |     |  

 දිනය: 2014-10-07   පිළිතුර ලබා දී ඇත 

2734/2014: Anicut -Guru - Ela, Malsiripura

2734/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මැල්සිරිපුර, උස්සාව, ගුරු ඇල අමුණ මගින් වගා කළ හැකි කුඹුරු අක්කර සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම අමුණ මගින් යැපෙන ගොවි පවුල් සංඛ්‍යාව  කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  මේ වන විට ඉහත සඳහන් ගුරු ඇල අමුණ කැඩී ගොස් ඇති අතර ඒ යටතේ වගා කටයුතු කළ ගොවි පවුල් 500ක් පමණ ජලය නොමැතිව දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව එතුමා දන්නෙහිද?

(ඇ)  (i)  ගුරු ඇල අමුණ ප්‍රතිසංස්කරණය කරන්නේද;

  (ii)  එසේ නම්, ඒ සඳහා වැය කරන මුළු මුදල කොපමණද;

  (iii)  එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන දිනය කවරේද;

  (iv)  එම අමුණ ප්‍රතිසංස්කරණය කරන තෙක් දුෂ්කරතාවයන්ට පත්වූ ගොවි පවුල්වලට වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට  දන්වන්නෙහිද?

(ඈ)   නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2014-10-07

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks