පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2718/’12
ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009, 2010 සහ 2011 යන වර්ෂවල සහ 2012 වර්ෂයේ සිට අද දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් සංචිත වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එක් එක් වර්ෂය ආරම්භයේදී සැලසුම් කරන ලද පරිදි එකී අය-වැය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි වී තිබේද;
(iii) එසේ නම්, එම තත්ත්වයට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ක්‍රිකට් තරඟවල විකාශන අයිතීන් අලෙවිකිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2009, 2010, 2011 සහ 2012 වර්ෂවලදී ඉපැයූ ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2009, 2010, 2011 හා 2012 වර්ෂයන්හි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් සංචිත ප්‍රමාණයන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.
දෙසැම්බර් 31 දිනට මුල් හා මුදල් සමාන ද
|
|
2009 රු. |
2010 රු. |
2011 රු. |
2012 රු. |
|
බැංකුවේ හා අතැති මුදල් |
16,594 |
4,217,444 |
8,859 |
1,134,105 |
|
ස්ථාවර තැන්පතු |
77,321,250 |
- |
- |
- |
|
ඉතිරි කිරීමේ ගිණුම් (අනුරූප ඩොලර් ප්‍රමාණය රුපියල්වලින්) |
54,015,961 |
214,086,254 |
2,139,698 |
488,435,724 |
|
T/B Repo ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය |
84,000,000 |
224,500,000 |
2,000,000 |
50,000,000 |
|
T/B Repo ආපදා පිළිසරණ අරමුදල |
19,391,276 |
21,327,121 |
17,855,371 |
19,713,042 |
|
සුළු මුදල් අග්‍රිමය |
842,813 |
1,025,000 |
795,000 |
940,000 |
|
බැංකු අයිරාව |
(139,381,568) |
(123,660,335) |
(356,727,990) |
(83,293,613) |
|
|
96,206,326 |
341,495,484 |
333,929,062 |
476,929,258 |
|
|
මිලියන 96 |
මිලියන 341 |
මිලියන - 333 |
මිලියන 476 |
(ii) එක් එක් වර්ෂවලදී අය වැය ඉලක්ක සාක්ෂාත් කර ගත් ප්‍රමාණයන් "A" ඇමුණුම තුළ විස්තරාත්මකව දක්වා ඇත. අදාළ ඇමුණුම මා සභාගත* කරනවා.
(iii) ඉහත (ii) පිළිතුරෙහි සඳහන් ඇමුණුම ප්‍රකාරව 2009, 2010 හා 2012 වර්ෂයන්හි අය වැය ඉලක්ක ළඟා කර ගත නොහැකි වී ඇති අතර ඊට හේතු පිළිවෙළින් පහත පරිදි වේ.
2009 - අය වැය සැලසුමට අනුව අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් ලැබීමට ප්‍රධාන හේතුව වූයේ පවත්වන ලද අමතර තුන්කොන් තරගාවලිය (ශ්‍රී ලංකා, පාකිස්ථාන සහ නවසීලන්ත) සඳහා ලද ඇමෙරිකානු ඩොලර් 3,850,000.00ක අමතර ආදායම හේතුවෙනි. මෙය 2009 වසර සඳහා සකස් කළ අනාගත තරගාවලි වැඩසටහනට ඇතුළත් නොවූ අතර, මේ හේතුවෙන් අමතර වැය පක්ෂය ද ඉහළ ගිය අතර, වාර්ෂික අය වැය සැලසුමට සාපේක්ෂව සංසන්දනය කිරීමේදී සත්‍ය වැඩි වීම් "A" ඇමුණුම තුළ පැහැදිලිව දක්වා ඇත.
2010 - නීතිපති විසින් අනුමත කරන ලදුව රූපවාහිනී විකාශන අයිතීන් පිළිබඳව ගිවිසුමේ ඇතුළත් කළ වගන්ති අනුව ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිකරුවන් වෙත ලබා දුන් ඩොලර් මිලියන 3ක ප්‍රතිදාන හේතු කොට ගෙන විශේෂයෙන් ආදායමේ අඩු වීමක් ඇති විය. තවද, අය වැය සැලසුමට අනුව අපේක්ෂිත වැය ප්‍රමාණයට වඩා වැඩි වියදමක් දැරීමට ප්‍රධානම හේතුව වූයේ "A" කණ්ඩායම සහභාගි වූ ක්‍රිකට් සංචාරයන් සඳහා වැය කළ මුදල වාර්ෂික ඇස්තමේන්තුවෙන් වෙන් කොට නොතිබූ බැවිනි. 2010 වසර සඳහා සකස් කළ අනාගත තරගාවලි වැඩසටහනට මේ තරඟාවලිය ඇතුළත් කොට නොතිබීම එයට හේතුවයි.
2012 - අය කර ගත නොහැකි වූ වැට් බදු කපා හැරීම නිසා වියදමේ වූ වැඩි වීම.
(ආ) ක්‍රිකට් තරගවල විකාශන අයිතීන් අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2009, 2010, 2011 සහ 2012 වර්ෂවල ඉපැයූ ආදායම වෙන් වෙන් වශයෙන් "B" ඇමුණුම පරිදි වේ. එම ඇමුණුම මා සභාගත* කරනවා.
(ඇ) පැන නොනඟී.
ගරු මන්ත්‍රීතුමා මේ විධියට ඒ ආදායම් ලැබිලා තිබෙනවා.
* සභාමේසය මත තබන ලද ඇමුණුම්:
* சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
* Annexes ta
Budget
Year ended 31st December 2009
Note
* increase in income is mainly due to additional income on Triangular amounting to US $ 3,850,000 not incorporated in FTP 2009.
* Actual surplus of income over Expenditure is favourable as compared to budget.
Year ended 31st December 2010
Note
* Decrease in income is mainly due to a rebate of US $ 3 Million being granted to the International TV rights holder as approved by Attorney- General due to clauses incorporated in TV Rights agreement.
Year ended 31st December 2011
Note
* Increase in income is attributable to the reversal of provision for creditors of Rs. 101.37 million and differences due to budgeted exchange rate applied and actual exchange rates on transaction dates.
* Actual surplus of income over Expenditure is favourable as compared to budget.
Year ended 31st December 2012
Note
* Increase in income is due to differences due to budgeted exchange rate applied and actual exchange rates on transaction dates.
* Increase in expenditure is due to irrecoverable VAT being written off.
* Actual surplus of income over Expenditure is comparable with budget.
පිළිතුරු දුන් දිනය
2014-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks