01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0826/2025: Financial status of Sri Lankan Airlines from year 2019 to date

826/2025

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2019 ජනවාරි 01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය ලබා ඇති සම්පූර්ණ අලාභය කොපමණද;

             (ii)       ඒ අතරින් මෙහෙයුම් අලාභය කොපමණද;

            (iii)       එම ආයතනය විසින් ගුවන්යානා සඳහා ගෙවනු ලබන වාර්ෂික ලීසිං වාරිකය/ණය වාරිකය කොපමණද;

(iv) එම ලීසිං වාරිකය/ණය වාරිකය ගෙවනු ලබන ගුවන්යානා සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ආයතනය විසින් ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය කොපමණද;‍

(ii) එම ණය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු මුළු ණය වාරිකය කොපමණද;

(iii) එම ණය වාරිකයේ ඇති ප්‍රාග්ධන මුදල හා පොළී මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-06

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks