01

E   |     |  

 දිනය: 2023-11-10   පිළිතුර ලබා දී ඇත 

3101/2023: Details of acting Principal appointments

3101/2023

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම පාසල් අතරින් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සහ වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වැඩබලන විදුහල්පතිවරුන්, විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;‍

  (iii) ඉදිරියේදී විදුහල්පති තනතුරේ ඇති වන පුරප්පාඩු පිරවීමේදී තරඟ විභාග  පවත්වා සුදුස්සන් තෝරාගැනීමට කටයුතු කරන්නේද;

  (iv) එසේ නම්, එම තරඟ විභාග පවත්වනු ලබන දින වකවානු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-10

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks