01

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

2857/2023: Cadre position of Sri Lanka Insurance Corporation

2857/2023

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ  පාලිත සමාගම් සහ අනුබද්ධ ආයතන කවරේද;

             (ii)       ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහා අනුමත කාර්ය මණ්ඩලය කොපමණද;

            (iii)       එම කාර්ය මණ්ඩලයේ විධායක හා කණිෂ්ඨ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

(iv) විධායක හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල එක් එක් තනතුරට අදාළ මාසික වැටුප් හා දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;‍

(v) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එක් එක් සේවකයා සහ ඔහුගේ කුටුම්භය වෙනුවෙන් ලබා දී ඇති රක්ෂණ හිමිකමේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks