01

E   |     |  

 දිනය: 2023-12-04   පිළිතුර ලබා දී ඇත 

2400/2023: ඉස්සන් වගාව සහ අපනයනය: විස්තර

2400/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සිදු කරනු ලබන ප්‍රදේශ කවරේද;

  (ii)       ශ්‍රී ලංකාවේ වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය කොපමණද;

(iii)      ඉස්සන් වගා කර්මාන්තය සඳහා ලබා දී ඇති සහන කවරේද;

(iv) ඉස්සන් වගාකරුවන් දිරිගැන්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අපනයනය කිරීම සඳහා ඉස්සන් වගාව සිදු කරනු ලබන ව්‍යවසායකයන් සංඛ්‍යාව කොපමණද;

 

(ii) වර්ෂ 2016 සිට මේ දක්වා ඉස්සන් අපනයනය කිරීමෙන් උපයා ගන්නා ලද  ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii) ඉස්සන් අපනයනය කිරීමෙන් උපයා ගනු ලබන ආදායම ඉහළ නංවා ගැනීම සඳහා  කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-04

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)     

පළාත

දිස්ත්‍රික්කය

වයඹ

පුත්තලම

නැඟෙනහිර

මඩකලපුව

උතුරු

මන්නාරම

 

කිලිනොච්චිය

දකුණු

හම්බන්තොට

 

 

 

 

 

              (ii)     

වර්ෂය

ඉස්සන් නිෂ්පාදනය (මෙ.ටොන්)

2019

6,400

2020

7,360

2021

14,410

2022

14,080

 

 

 

 

(iii)

  • ඉස්සන් සඳහා අවශ්‍ය මත්ස්‍ය ආහාර සහ පොකුණු ආස්තරණය සඳහා යොදා ගන්නා විශේෂිත පොලිතින් වර්ගය (High Density Poly Ethylene) ආනයනයේදී බදු සහන ලබා දීම.
  • ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුත්තලම සහ මඩකලපුව පිහිටුවා ඇති වෙරළබඩ ජලජීවී වගා ව්‍යාප්ති හා අධීක්ෂණ ඒකක මඟින් PCR පරීක්ෂණ සිදු කිරීම, ‍රෝග පාලනය හා සියලුම ඉස්සන් අභිජනනාගාර හා ඉස්සන් පොකුණු අධීක්ෂණ කටයුතු සිදු කිරීම.

(iv) ‍

  • ඉස්සන් වගාව ආශ්‍රිතව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම.

උදා: - ඉස්සන් වගාව සඳහා ජලය ලබා ගන්නා ඕලන්ද ඇළ ප්‍රතිසංස්කරණය කිරීම රජයේ ආධාර මඟින් සිදු කිරීම.

- ඉස්සන් වගාව ආශ්‍රිතව විදුලි ධාරිතාව වැඩි කිරීමට කටයුතු කිරීම.

  • ශ්‍රී ලංකාව තුළ ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන ආයෝජකයන් වෙත ලබා දීමට කටයුතු කිරීම.

(ආ) (i) ව්‍යවසායකයන් 610ක් ඉස්සන් වගාව සිදු කරනු ලැබේ.

(ii)

වර්ෂය

ආදායම (රු.මිලි)

2016

2,464

2017

3,213

2018

3,485

2019

3,522

2020

3,235

2021

8,462

2022

13,175

 

 

 

 

 

 

(iii) ඉස්සන් අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරේ.

(iv)

  • වගා පොකුණුවල ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ඉස්සන් ගොවිපළ තීව්‍ර කිරීම (Farm Intensification) සඳහා වගාකරුවන් යොමු කිරීම සහ ඒ අනුව වගා ගොවිපළ A, B, C, D වශයෙන් වර්ගීකරණය සිදු කිරීම.
  • ඉස්සන් වගා ගොවිපළවල රෝග ව්‍යාප්තිය පාලනය කිරීම.
  • ශ්‍රී ලංකාව තුළ ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන ආයෝජකයන් වෙත ලබා දීමට කටයුතු කිරීම.
  • නව අපනයන වෙළෙඳපොළ හඳුන්වා දීම.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks