01

E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1763/2023: කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ආධාර: විස්තර

1763/2023

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවෙන් ලබා ගෙන ඇති ආධාර මුදල කොපමණද;

            (ii)       එම මුදලින් කොහු ආශ්‍රිත නිෂ්පාදනවල අගය වැඩිදියුණු කිරීම සඳහා යෙදවූ මුදල කොපමණද;

(iii) මේ වනවිට එම ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති ප්‍රතිපාදනය ‍එක්සත් ජනපද ඩොලර්වලින් කොපමණද;

(iv) එම ප්‍රතිපාදන කෘෂිකර්ම ව්‍යාපෘති සඳහා ඉදිරියේදී ලබා දෙන්නේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP)  සංරචක 2කින් සමන්විත අතර, 2017 වර්ෂයේදී ලෝක බැංකු‍වේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය මඟින් ලබා ගෙන ඇති ආධාර මුදල ඇ.ඩො. මිලියන 125කි. එම ආධාර මුදලින්, 

                        1. පළමුවන සංරචකයට අදාළ තොරතුරු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබාගත යුතුය.

                        2. දෙවන සංරචකය වන ඵලදායීතා වැඩි දියුණු කිරීම සහ විවිධාංගීකරණය ආදර්ශනය, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, ලබා ගෙන ඇති ණය මුදල ඇ.ඩො. මිලියන 63.64 කි.

(ii) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් අදාළ පිළිතුර ලබාගත යුතුයි.

(iii) 1. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් 1 වන සංරචකයට අදාළ පිළිතුර ලබාගත යුතුය.

2. සංරචක 2 යටතේ 2023 අගෝස්තු 31 දිනට අදාළව ඇ.ඩො. මිලියන 17.61ක් වියදම් සඳහා ඉතිරිව ඇත.

(iv) කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ සංරචක 2 යටතේ ඉතිරි මුදල් අනුමත ක්‍රියාකාරී සැලසුම පරිදි ගොවීන්ගේ පුහුණු හා හැකියා ගොඩනැංවීම, කෘෂි කාර්මික තාක්ෂණ උද්‍යාන පිහිටුවීම, නිෂ්පාදන හා වෙළෙඳපොළ යටිතල පහසුකම් සංවර්ධනය, විමර්ශනාත්මක හා ප්‍රතිපත්ති උපදේශන සහාය සහ ව්‍යාපෘති කළමනාකරණය  මෙහෙයුම් හා ඇගැයුම් කටයුතු සඳහා වියදම් කිරීමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks