01

E   |     |  

 දිනය: 2023-11-24   පිළිතුර ලබා දී ඇත 

1685/2023: Project details of Mango tree plantation in Mannar, Vavuniya and Mullaithivu

1685/2023

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි ජීවත්වන ජනතාවට TomEJC වර්ගයේ අඹ පැල හා සූර්ය බල ජල පොම්ප අවශ්‍යතාවයක් ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)     ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා —

(i) එක් දිස්ත්‍රික්කයකින් ගොවි පවුල් 300 බැගින් මන්නාරම, වව්නියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පදිංචි ගොවි පවුල් 900ක් සඳහා එක් ගොවි පවුලකට අඹ පැල 100 බැගින් අඹ පැල  90, 000ක් ලබා දීමට; සහ

(ii) ඉහත එක් එක් දිස්ත්‍රික්කය සඳහා එකක් රු, 330,000/-ක් වන සූර්ය බල ජල පොම්ප දිස්ත්‍රික්කයට 1500 බැගින් 70%ක සහනාධාරයක් සහ 30% ප්‍රතිලාභි දායකත්වයක් යටතේ  ලබා දීමට;‍

පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-24

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks