01

E   |     |  

 දිනය: 2023-11-10   පිළිතුර ලබා දී ඇත 

1683/2023: Necessity for a office of Agrarian Department in Venkalasettikulam, Vavuniya

1683/2023

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වවුනියාව දිස්ත්‍රික්කයේ වෙංගල චෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 20 ක ජීවත් වන ජනතාවගෙන් වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය බවත්;

(ii) වෙංගල චෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශය ඉතා විශාල වීම හේතුවෙන් ඊට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොස් සේවා ලබා ගැනීමේදී ඉහත ගොවීන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ලබන බවත්;

(iii) වෙංගල චෙට්ටිකුලම ප්‍රදේශයේ සමහර ගම්මානවල ජීවත් වන ගොවීන්ට තම කෘෂි සේවා ලබා ගැනීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත කිලෝ මීටර 40ක පමණ දුර ගෙවා යාමට සිදු වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) වෙංගල චෙට්ටිකුලම ප්‍රදේශයේ ජීවත් වන ගොවීන්ට කෘෂි සේවා ලබා ගැනීම සඳහා නව ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නේද යන්න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-10

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks