01

E   |     |  

 දිනය: 2023-09-21   පිළිතුර ලබා දී ඇත 

0424/2023: Coconut oil production

424/2023

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)           (i)     ශ්‍රී ලංකාවේ වාර්ෂික ආහාරමය පොල්තෙල් පරිභෝජනය;

             (ii)      එම ප්‍රමාණයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය;

           (iii)      ආනයනය කරනු ලබන පොල්තෙල් ප්‍රමාණය;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් අතරින් මේ වනවිට ලියාපදිංචි නිෂ්පාදකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) ලියාපදිංචි නොවූ පොල්තෙල් නිෂ්පාදකයන් සිටින බව දන්නේද;

(iii) ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වෙළඳපොළට නිකුත් කරනු ලබන බව පිළිගන්නේද;

(iv) ප්‍රමිතියට අනුකූල නොවන පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-21

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks