01

E   |     |  

 දිනය: 2012-01-17   පිළිතුර ලබා දී ඇත 

1931/2012: Dengue - Navy Camp near Colombo Port

1931/’11

 

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කොළඹ වරාය තුළ  ගබඩා කර ඇති බහළුම්වල (කන්ට්‍රේනර්) වහල මත රැඳි  ජලය මත බෝවන ඩෙංගු මදුරුවන් නිසා වරාය අසල ඇති නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)     (i)         එම  නාවික හමුදා කඳවුරේදී ඩෙංගු රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව කොපමණද;

(ii) 2009, 2010 සහ  2011 වර්ෂයන්හිදී එම නාවික හමුදා කඳවුරේදී ‍ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගිය නිලධාරින් සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මිය ගිය එම නිලධාරීන්ගේ නම් කවරේද;

(iv) එම කඳවුර තුළ හා අවට ඩෙංගු රෝගය මර්ධනය කිරීමට ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-17

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks