01

E   |     |  

 දිනය: 2012-01-18   පිළිතුර ලබා දී ඇත 

1923/2012: Coconut Cultivation Board - Coconut Plants

1923/’11

 

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පොල් වගාකිරීමේ මණ්ඩලය යටතේ ඇති පොල් තවාන් පිහිටි ස්ථාන කවරේද;

             (ii)      එම තවාන් සඳහා බීජ පොල් තෝරා ගත් මව් ශාඛවලින් ලබා ගන්නේද;

(iii) එසේ නම්, මව් ශාඛ සංඛ්‍යාව හා එම මව් ශාඛ පිහිටි වතු සංඛ්‍යාව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)   ඉහත සඳහන් පොල් තවාන්වලින්,

(i) 2010 වර්ෂය තුළ නිකුත් කළ මුළු පොල් පැළ සංඛ්‍යාව;

(ii) 2009 සහ 2010 වර්ෂයන්හි වෙන් වෙන් වශයෙන් යළ සහ මහ කන්නවලදී නිකුත් කළ පොල් පැළ සංඛ්‍යාව;

කොපමණද යන්න  එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) පොල් පර්යේෂණ මණ්ඩලය යටතේ ඇති ඉඩම් ප්‍රමාණය අක්කර  කොපමණද;

(ii) පොල් පර්යේෂණ මණ්ඩලය මගින් 2010 වර්ෂයේදී නිකුත් කළ පොල් පැළ සංඛ්‍යාව කොපමණද;

(iii) බීජ පොල් තවාන් කරනු ලබන ක්‍රියාපටිපාටිය කවරේද;

(iv) පොල් පර්යේෂණ මණ්ඩලය බීජ පොල් ලබාගන්නා ආයතනයන් කවරේද;

(v) එම ආයතනයන්ගෙන් 2009/2010 වර්ෂ තුළදී නිකුත් කළ බීජ පොල් සංඛ්‍යාව  කොපමණද;

(vi) එම බීජ පොල් සාර්ථක මව්ශාඛවලින් ලබා ගෙන නොමැති බව  පිළිගන්නේද;

(vii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-18

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks