01

E   |     |  

 දිනය: 2011-12-20   පිළිතුර ලබා දී ඇත 

1814/2011: Building Nagara and Kadawath Pradeshiya Saba - Trincomalee

1814/’11

 

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව සඳහා ඉදිකළ නව ගොඩනැගිල්ල 2011.07.05 දින  විවෘත කළ බවත්;

            (ii)      ඒ වන විට, එම ප්‍රාදේශීය සභාවේ අභිනව පාලනාධිකාරිය දිවුරුම් දී නොතිබූ බැවින් විශේෂ කොමසාරිස් ලෙස බලතල පැවරී තිබූ ප්‍රාදේශීය ලේකම්තුමියගේ වගකීම යටතේ එම විවෘත කිරීම කළ බවත්;

  (iii)  අභිනව පාලනාධිකාරිය දිවුරුම් දී නොමැති අවස්ථාවක එම විවෘත කිරීමේ උත්සවය පැවැත්වීම රාජ්‍ය පරිපාලන හා ‍ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එය කල් තබන ලෙස දෙන ලද උපදෙස් නොසලකා හැරීමක් වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  යම් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට අමාත්‍යාංශ ලේකම්වරයකු විෂයානුබද්ධිතව ලබා දෙන උපදෙස් නොසලකා හරිමින් කටයුතු කිරීමට බලයක් ති‍බේද;

  (ii)  නොඑසේ  නම්, ඉහත පරිදි ක්‍රියා කළ ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්ට එරෙහිව ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-20

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks