01

E   |     |  

 දිනය: 2011-12-17   පිළිතුර ලබා දී ඇත 

1667/2011: Foreign Broadcasting Services

1667/’11

 

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ විදේශීය ගුවන් විදුලි සේවාවන් කවරේද;

             (ii)      ඒවායින් මෙරටට ඇති වූ බලපෑම් කවරේද;

           (iii)      එම ගුවන් විදුලි සේවාවන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලැබුවේද;

(iv) එසේ නම්, ඒ සඳහා  ක්‍රියාත්මක වූ රජය කුමක්ද;

(v) එම ක්‍රියාමාර්ග ගනු ලැබූ වර්ෂයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉදිරියේදී විදේශීය  ගුවන් විදුලි සේවාවන් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාම සඳහා අනුමතිය ලබා දෙන්නේද;

(ii) එසේ නම්, එම අනුමතිය ලබා දෙන පදනම කවරේද;

(iii) එවැනි පදනමක පිහිටුවා කටයුතු කිරීමෙන් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-17

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks