01

E   |     |  

 දිනය: 2021-11-16   පිළිතුර ලබා දී ඇත 

0646/2021: Kochchipothana Tank

646/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කොච්චිපොතාන වැවට ජලය ගෙන යාම සඳහා දෙමට වැව සිට පෝෂක ඇළ මාර්ගයක් ඉදිකර ඇති බවත්;

             (ii)      මේ හේතුවෙන් එම ඇළ මාර්ගය දෙපස පිහිටා ඇති නිවාස සඳහා ප්‍රවේශ වීමට හරස් මාර්ග ඉදිකිරීමට සිදු වී ඇති බවත්;

 

(iii) එම ඇළ මාර්ගයේ ජලය ගලා නොබසින අතර එහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදුකළ යුතු බවත්;

එතුමා දන්නෙහිද?‍

(ආ) (i) ඉහත ඇළ මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය කොපමණද;

(ii) එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා දරන ලද මුළු පිරිවැය කොපමණද;

(iii) එම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටු වී තිබේද;

(iv) එසේ නම්, මෙම ඇළ මාර්ගය ඔස්සේ මේ වනවිට මුදා හරිනු ලබන ජල ධාරිතාවය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-16

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks