පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
595/2020
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ පිහිටා ඇති එකම රෝහල වන ඩෙල්ෆ්ට් රෝහලේ අනුමත කාර්ය මණ්ඩල පිළිබඳ විස්තර කවරේද;
(ii) පසුගිය වර්ෂ 08ක කාලය තුළ එම රෝහලට ස්ථිර වෛද්‍යවරයෙක් පත් නොකිරීමට හේතු කවරේද;
(iii) වෛද්‍යවරයෙක් පත් නොකිරීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපතේ ජීවත්වන ජනතාව මුහුණදෙන දුෂ්කරතා කවරේද;
(iv) එම ජනතාවට විශිෂ්ට වෛද්‍ය සේවාවක් ලබා දීම සඳහා ඩෙල්ෆ්ට් රෝහලේ පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේ අනුමත සේවක සංඛ්‍යාව පහත දක්වා ඇත.
|
අංකය |
තනතුර |
අනුමත සේවක සංඛ්‍යාව |
|
1 |
වෛද්‍ය නිලධාරි |
2 |
|
2 |
දන්ත ශල්‍ය වෛද්‍ය |
1 |
|
3 |
හෙද නිලධාරි |
2 |
|
4 |
පවුල් සෞඛ්‍ය |
2 |
|
5 |
ඖෂධ සංයෝජක |
2 |
|
6 |
රියදුරු |
1 |
|
7 |
උපස්ථායක |
6 |
|
8 |
සහායක (කනිෂ්ඨ) |
6 |
|
9 |
සහායක (සාමාන්‍ය) |
2 |
|
10 |
මුරකරු |
1 |
(ii) ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරි තනතුර සඳහා වන පුරප්පාඩුව අඛණ්ඩව අවුරුදු කිහිපයක් පුරා පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලැයිස්තුවේ ප්‍රසිද්ධ කරන ලදී. නමුත්, මෙම තනතුර සඳහා කිසිදු වෛද්‍ය නිලධාරියෙකු අයදුම් කර නොතිබුණි. එමනිසා යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙතින් සහන වෛද්‍ය නිලධාරියෙකු ඒ සඳහා පත්කරන ලද අතර, ඔහු පසුගිය වසර දෙකක කාලයක සිට එම රෝහලේ සේවයෙහි නිරත වේ. ඊට අමතරව, තවත් වෛද්‍ය නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත 2014.11.01 දින සිට සේවයෙහි නිරත වේ.
(iii) ඩෙල්ෆ්ට් දූපතේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට කටයුතු සම්පාදනය කරනු ලැබේ.
ඔබතුමා අහලා තිබෙනවා, "වෛද්‍යවරයෙක් පත් නොකිරීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපතේ ජීවත් වන ජනතාව මුහුණදෙන දුෂ්කරතා කවරේද" කියලා. වෛද්‍යවරු නැති වුණාම දුෂ්කරතාවක් තිබෙනවා. දැනට වෛද්‍යවරු දෙදෙනෙකු සිටිනවා.
(iv) පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍ය නිලධාරි කණ්ඩායම් දෙකකට අයත් වෛද්‍ය නිලධාරින් 1,765කට ස්ථිර පත්වීම් ලබාදීමට නියමිත බැවින්, එම පත්වීම් මඟින් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks