01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1030/2019: Proposals 243- Budget 2016

1030/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැය යෝජනා අංක 243ට අනුව, සංචාරක කර්මාන්තයට අදාළ පුහුණු පාඨමාලාවලට වෙන් කරන ලද රුපියල් මිලියන 100 උපයෝජනය කළ ආකාරය කවරේද;

(ii) උක්ත යෝජනාවේ සඳහන් පරිදි කාර්තුවකට තරුණයන් 3000 බැගින් වර්ෂය තුළදී තරුණයන් 12,000කට පුහුණුව ලබා දුන්නේද;

(iii) මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කළ ආයතන හෝ සංවිධාන කවරේද; එම ආයතන හෝ සංවිධානවලට වර්ෂය තුළදී කරනු ලැබූ මුළු ගෙවීම් ප්‍රමාණය සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks