01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1029/2019: Proposals 240- Budget 2016

1029/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැය යෝජනා අංක 240 මඟින් ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා වෙන්කළ රුපියල් මිලියන 500 උපයෝජනය කළ ආකාරය කවරේද;

(ii) උක්ත අයවැය ‍යෝජනාව අනුව මාස තුනකට තරුණයන් 7500 බැගින්, වර්ෂය තුළදී තරුණයන් 30,000කට පුහුණුව ලබාදීමේ ඉලක්කය සපුරා ගනු ලැබුවේද;

(iii) තිස් දහසක් වැනි විශාල තරුණ පිරිසකට පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහනට උරදුන් ආයතන හා සංවිධාන කවරේද යන්නත්, එම එක් එක් ආයතනයකට ගෙවනු ලැබූ මුදල් ප්‍රමාණය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-05

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks