01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0939/2019: Importation of rice 2015 to 2018

939/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     වර්ෂ 2015 සිට 2018 දක්වා,

              (i)        ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් කොපමණද;

(ii) සහල් ආනයනය කිරීම සඳහා වැයකළ විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

(iii) සහල් ආනයනය කිරීම සඳහා අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ ආකාරය කවරේද;

(iv) රාජ්‍ය ආයතන විසින් ආනයනය කළ සහල් ප්‍රමාණයන් සහ එම ආයතන විසින් සහල් අලෙවියෙන් ඉපැයූ ලාභය හෝ සිදු වූ අලාභය කොපමණද;

යන්න එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්‍වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks