01

E   |     |  

 දිනය: 2019-08-22   පිළිතුර ලබා දී ඇත 

0613/2019: "උදාගම්" ව්‍යාපෘතිය: විස්තර

613/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      යහපාලන රජය ආරම්භ වූ දින සිට 2018 අගෝස්තු මාසය දක්වා උදාගම් ව්‍යාපෘතිය යටතේ,

              (i)      ආරම්භ කළ මුළු ව්‍යාපෘති සංඛ්‍යාව;

             (ii)      ඉදිකර ඇති මුළු නිවාස සංඛ්‍යාව;

           (iii)      වැය කර ඇති මුළු මුදල;          

කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) එම ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාත තුළ,

(i) ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව;

(ii) නිවාස ව්‍යාපෘති ආරම්භ කර ඇති ස්ථාන;

(iii) වැඩ නිම කළ ව්‍යාපෘති සංඛ්‍යාව;

(iv) වැයකර ඇති මුළු මුදල;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදී උදාගම් නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-22

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ආරම්භ කළ මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 1,124.

              (ii)      ඉදිකර ඇති මුළු නිවාස සංඛ්‍යාව 30,411.

             (iii)      වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 6,085.812යි.

(ආ)         (i)      ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 15.

              (ii)      දෙල්තොට, කුණ්ඩසාලේ, උඩුදුම්බර, යටිනුවර, මැදදුම්බර, දොළුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාස.

(iii) වැඩ නිම කළ ව්‍යාපෘති සංඛ්‍යාව 02.

(iv) වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 30.365කි.

(ඇ)  ඔව්. ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතී.

(ඈ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks