පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
580/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය දිනවල පැවති දැඩි නියඟය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) පීඩාවට පත්වූ එම පවුල් පිළිබඳ වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) නියඟය නිසා පීඩාවට පත් වූ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලැබූ පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-22
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2019 ජූලි 03 වන දිනට ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ උපරිම තත්ත්ව වාර්තාව අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 4,399ක් දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
(ii)
|
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
පවුල් සංඛ්‍යාව |
පුද්ගල සංඛ්‍යාව |
|
1. |
අඹන්පොළ |
541 |
1,613 |
|
2. |
උඩුබද්දාව |
249 |
776 |
|
3. |
කොටවෙහෙර |
25 |
93 |
|
4. |
පොල්පිතිගම |
1,975 |
6,330 |
|
5. |
කුලියාපිටිය නැඟෙනහිර |
293 |
1,263 |
|
6. |
මාස්පොත |
59 |
214 |
|
7. |
ගිරිබාව |
544 |
1,373 |
|
8. |
මාවතගම |
173 |
566 |
|
9. |
පොල්ගහවෙල |
185 |
548 |
|
10. |
ගල්ගමුව |
355 |
1,439 |
|
|
|
4,399 |
14,215 |
(iii) ජාතික අය වැය චක්‍රලේඛ 03/2016 අනුව පානීය ජල ගැටලුව පවතින දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පානීය ජලය බෙදාහැරීමට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රතිපාදන නිකුත් කරනු ලබයි.
ඊට අමතරව, අමාත්‍යාංශය මඟින් ලීටර් 1000 ජල ටැංකි, ට්‍රැක්ටර් බවුසර් හා ලොරි බවුසර් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත එම දිස්ත්‍රික්කවලට ලබාදී ඇත. ඒ අනුව, පොදු ස්ථානවල ස්ථාපිත කර ඇති ජල ටැංකිවලට ට්‍රැක්ටර් බවුසර් හා ලොරි බවුසර් යොදාගනිමින් අඛණ්ඩව ජල සැපයීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබයි. මෙම ට්‍රැක්ටර් බවුසර් හා ලොරි බවුසර් සඳහා ඉන්ධන, රියැදුරන් හා රිය සහායකයන් සඳහා අතිකාල, බටා සහ පිරිසිදු ජලය සඳහා ගෙවීම් කිරීමට ජාතික අය වැය චක්‍රලේඛ 03/2016 අනුව නිකුත් කරනු ලබන ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් යොදා ගනු ලබයි.
2019.08.21 දින වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ඇතුළත් ඇමුණුම සභාගත* කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks