පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
577/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල, මල්ලවපිටිය ලංකා විදුලිබල මණ්ඩල කාර්යාල පරිශ්‍රයේ දැවැන්ත විදුලි උත්පාදන යන්ත්‍ර සමූහයක් ස්ථාපිත කර තිබෙන බවත්;
(ii) මෙම යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී පිටවන අධික ශබ්දය හේතුවෙන් අවට ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම යන්ත්‍ර සවිකිරීම සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගෙන තිබේද;
(ii) එසේ නම්, පාරිසරික ඇගයීම සිදුකළ ආයතනය කවරේද;
(iii) මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-26
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2017 පෙබරවාරි මස සිට 2017 අගේස්තු මස දක්වා කාලය සඳහා වූ අතිරේක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම යටතේ කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉඩමක සවිකර තිබූ මෙම විදුලි උත්පාදන යන්ත්‍ර එම භූමියෙන් ඉවත් කර ඇත.
(ii) මෙම යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී නිකුත් වන ශබ්දය හේතුවෙන් අවට ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වී තිබිණ.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) මාස 06ක් සඳහා වූ ගිවිසුම් කාලය අවසන් වීමෙන් අනතුරුව මෙම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නවතා ඇත. මෙම පාරිසරික කරුණු මත ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුව එළඹෙන ලද විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා මෙම භූමිය තෝරාගෙන නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks