01

E   |     |  

 දිනය: 2019-03-25   පිළිතුර ලබා දී ඇත 

0464/2019: පානීය ජල ගැටලුව : පුත්තලම දිස්ත්‍රික්කය

464/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට මුහුණ පා සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පවුල් පදිංචි ග්‍රාම නිලධාරි වසම්වල නම් කවරේද;

‍(iii) පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා “පුත්තලමට නවෝදය” වැඩපිළිවෙළ යටතේ ගෙන ඇති පියවර කවරේද;

‍ (iv) එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව ග්‍රාම නිලධාරි වසම් අනුව කවරේද;

‍ (v) පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන  පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-25

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවුල් 117,475ක් පානීය ජල ගැටලුවට මුහුණපා සිටී.

(ii) එම පවුල් පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන හා ග්‍රාම නිලධාරි වසම් ගණන

ඇමුණුම 1** සහ වගු අංක 1.1** මඟින් දක්වා ඇත.

(iii) "පුත්තලමට නවෝදය" වැඩ පිළිවෙළ යටතේ, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවේ.

(iv) අදාළ නොවේ.

(v) පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති පියවර පහත වගු මඟින් දක්වා ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

1.2 වගුව** - දැනට ක්‍රියාත්මක වන ජලසම්පාදන ක්‍රම

1.3 වගුව** - ඉදිකරමින් පවතින ව්‍යාපෘති

1.4 වගුව** - යෝජිත ජලසම්පාදන ව්‍යාපෘති

ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව

1.5 වගුව** - ක්‍රියාත්මක කිරීමට නියමිත ජලසම්පාදන ව්‍යාපෘති

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks