පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
105/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 ජූනි 11හෝ ඊට ආසන්න දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපාන ලද තද සුළං තත්ත්වය හේතුවෙන් හානි සිදු වූ නිවාස සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) හානි වූ ජීවිත සංඛ්‍යාව කොපමණද;
(iv) විනාශ වූ දේපළවල වටිනාකම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අදාළ දේපළ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන කොපමණද;
(ii) එම ප්‍රතිපාදන නියමිත පරිදි ලබා දී තිබේද;
(iii) හානි වූ ජීවිත වෙනුවෙන් වන්දි ලබා දී තිබේද;
(iv) එසේ නම්, එම වන්දි මුදල කොපමණද;
(v) කිසිදු වන්දියක් ලබා දී නොමැති නිවාස තිබේද;
(vi) එසේ නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-06
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
නිවාස සංඛ්‍යාව |
|
|
පූර්ණ |
අර්ධ |
||
|
1 |
කුරුණෑගල |
_ |
4 |
|
2 |
නිකවැරටිය |
|
1 |
|
3 |
මාස්පොත |
5 |
121 |
|
4 |
වීරඹුගෙදර |
|
1 |
|
5 |
රස්නායකපුර |
|
2 |
|
6 |
ඉබ්බාගමුව |
|
4 |
|
7 |
ගනේවත්ත |
|
6 |
|
8 |
වාරියපොල |
4 |
104 |
|
9 |
පඬුවස්නුවර/බ |
|
3 |
|
10 |
අලව්ව |
1 |
13 |
|
11 |
උඩුබද්දාව |
|
103 |
|
12 |
කොබෙයිගනේ |
|
3 |
|
|
එකතුව |
10 |
365 |
(ii) පවුල් 377.
(iii) නැත.
(iv) රුපියල් 33,196,379.71
(ආ) (i) මූලික අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000 බැගින් රුපියල් 3,750,000.00ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
තවද, රුපියල් 25,000ට වැඩි හානි තක්සේරු වටිනාකම් සහිත අයදුම්පත් 287ක් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත යොමු කර ඇති අතර, මේ වන විට ප්‍රතිලාභින් 242 දෙනකු සඳහා වන්දි ලෙස රුපියල් 14,531,835.00ක් ගෙවා ඇත.
(ii) ඔව්.
ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබුණු රුපියල් 25,000ට වැඩි හානි තක්සේරු වටිනාකම් සහිත අයදුම්පත් 45ක් සඳහා ඡායාරූප නොමැති වීම, අයිතිය තහවුරු නොවීම, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර නොමැති වීම යන හේතු නිසා වන්දි ගෙවීම ප්‍රමාද වී ඇත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) නැත.
(vi) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-09-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks