01

E   |     |  

 දිනය: 2019-09-03   පිළිතුර ලබා දී ඇත 

0042/2019: අඩු ආදායම්ලාභි පවුල්වලට විදුලිය සැපයීම: සබරගමුව පළාත

42/’18

ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සබරගමුව පළාතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමට වැඩසටහනක් දියත් කර තිබේද;

             (ii)      යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා එම වැඩසටහන යටතේ විදුලිය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී පළාත් සභාව විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්. අඩු ආදායම්ලාභි පවුල් සඳහා "රටට විදුලිය 100%" නමින් නව සේවා සම්බන්ධතා සැපයීම සඳහා ණය ක්‍රමයක් තිබුණි.

              (ii)      ඉහත වැඩසටහන යටතේ විදුලිය ලබා දී ඇති මුළු පවුල් සංඛ්‍යාව 3871කි. (ඇමුණුම - A මඟින් දක්වා ඇත.)

                        ඇමුණුම - A

                        “100% රටට විදුලිය” ව්‍යාපෘතිය යටතේ සබරගමුව පළාත තුළ විදුලිය ලබා දුන් නිවාස ගණන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනමින්

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ප්‍රතිලාභීන් ගණන

රත්නපුර

ගොඩකවෙල

241

 

කොලොන්න

123

 

ඕපනායක

120

 

වැලිගෙපොල

62

 

ඇඹිලිපිටිය

483

 

අයගම

107

 

රත්නපුර

202

 

ඇහැලියගොඩ

233

 

කිරිඇල්ල

83

 

කුරුවිට

262

 

ඇලපාත

42

 

පැල්මඩුල්ල

271

 

කලවාන

76

 

නිවිතිගල

94

 

ගහවත්ත

399

 

බලංගොඩ

229

 

ඉඹුල්පේ

162

 

හල්දුම්මුල්ල

4

 

තණමල්විල

25

 

අඟුණකොළපැලැස්ස

3

 

සෙවනගල

102

 

 

 

කෑගල්ල

දැරණියගල

112

 

දෙහිඕවිට

71

 

රුවන්වැල්ල

95

 

වරකාපොල

0

 

බුලත්කොහුපිටිය

82

 

යටියන්තොට

23

 

ගලිගමුව

165

මුළු ප්‍රතිලාභීන් ගණන

3871

(iii) පළාත් සභාව විසින් අනුගමනය කරන ක්‍රමවේදය ලංවිම නොදන්නා අතර, මෙම වැඩසටහන ලංවිම විසින් ආරම්භ කරන ලදී. මේ සඳහා ලංවිම සතුව තේරීම් ක්‍රියාවලියක් නොවු අතර, ණය යෝජනා ක්‍රමයට ඉල්ලුම් කරනු ලබන ඕනෑම කෙනෙකුට විදුලිබල සම්බන්ධතාව ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දුනී.

(ආ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks