01

E   |     |  

 දිනය: 2018-09-20   පිළිතුර ලබා දී ඇත 

0994/2018: Palawatta Sugar Factory

994/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

             (ii)      එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය ‍කොපමණද;

(iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,

(i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන්, උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;

(ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;

(iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;

(iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;

(v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  ‍කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-20

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks