01

E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0597/2018: Lands belonging to the CGR turned over to public and private sectors

597/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා දුම්රිය‍ ‍දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව උරුම වී අයිතිය පවත්නා මුළු ඉඩම් ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;

            (ii)      වර්ෂ 1977න් පසු මේ දක්වා උක්ත ඉඩම්වලින් රාජ්‍ය අංශයට හෝ පෞද්ගලික අංශයට අලෙවි කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) එම ඉඩම් මිලදී ගත් ගැණුම්කරුවන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(iv) දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් දිගුකාලීන හෝ කෙටිකාලීන බදු පදනම යටතේ වෙනත් පාර්ශවයන්ට බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(v) එක් එක් දිස්ත්‍රික්කය අනුව, එම බදු/කුලීකරුවන්ගේ නම් සහ ඔවුන් විසින් ගෙවීමට එකඟ වූ බදු කුලිය දැක්වෙන ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks